දැක්ම : "ගුණ නැණ බෙලෙන් යුතු දරු පරපුරක්" මෙහෙවර : "නිල්වන් ගිරිශිඛර මත සුවදායි සිසිලසක පහස විඳින මනරම් පරිසරයක් තුළ සදාචාරාත්මක හා ආධ්‍යාත්මික සහ සංස්කෘතික සමාජ රටාවක ධනාත්මක සිතුවිලිවලින් පිරිපුන් ගුණදම්වලට හුරු වූ හා නිපුණතාවලින් පෝෂිත කාර්‍යක්ෂම ඵලදායි දිවියකට පියවර තැබිය හැකි විශ්වාසනීය ආත්ම ශක්තියෙන් හෙබි දරු පරපුරක් දායාද කිරීම අපගේ සැබෑ මෙහෙවර යි"

polpitiyakv@gmail.com

Welihelathenna, Yatiyantota

මේ ඔබේ දරුවාගේ පාසලයි.

Monday, 22 September 2025

"ගුරු ගුණ සුවද" - පියුමා ගුරු මෑනියනි ඔබට සුවබර විශ්‍රාම දිවියක් වේවා.

පියුමා ගුරු මෑනියනි ඔබට විශ්‍රාම දිවියට ආසිරි...


 තෙරක් නොමැති ගුරු මග 

තිස් වසක් ගෙවී යනවා

සැටක් ජන්ම දින සමරන 

දිනක් උදා වෙනවා

මවක්, මිතුරියක් සතු ගුණ

සැමට සමව දෙනවා

කලක් එක්ව ගත කල ඒ 

යුගය මතක් වෙනවා


සිතින් පතන පැතුමන් සිතු 

ලෙසින්  සැබෑ වේවා

ගතින් සවිය ලැබ යන මග

නිතින් දියණු වේවා

ඉතින් එකසිතින් පතනෙමු

තුති මල් හද පුරවා

ආයු වර්ණ වැඩිවී ඔබෙ

දිවියම සුව වේවා!!!!!


(නිර්මාණය: නුවන් නන්දික ගුරු මහත්මා)















































































No comments:
Write comments
Join Our Newsletter