දැක්ම : "ගුණ නැණ බෙලෙන් යුතු දරු පරපුරක්" මෙහෙවර : "නිල්වන් ගිරිශිඛර මත සුවදායි සිසිලසක පහස විඳින මනරම් පරිසරයක් තුළ සදාචාරාත්මක හා ආධ්‍යාත්මික සහ සංස්කෘතික සමාජ රටාවක ධනාත්මක සිතුවිලිවලින් පිරිපුන් ගුණදම්වලට හුරු වූ හා නිපුණතාවලින් පෝෂිත කාර්‍යක්ෂම ඵලදායි දිවියකට පියවර තැබිය හැකි විශ්වාසනීය ආත්ම ශක්තියෙන් හෙබි දරු පරපුරක් දායාද කිරීම අපගේ සැබෑ මෙහෙවර යි"

polpitiyakv@gmail.com

Welihelathenna, Yatiyantota

මේ ඔබේ දරුවාගේ පාසලයි.


දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන කිතුල්ගල පොල්පිටිය කනිටු විදුහල

සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට අධ්‍යාපන කලාපයේ කිතුල්ගල කොට්ඨාසයෙහි රමණීය පරිසරයක් තුළ පොල්පිටිය කනිෂ්ඨ විද්‍යාලය පිහිටා ඇත.පාසල පිහිටුවා වර්තමානය වන විට.වසර 75ක් ගෙවී ගොස් ඇති අතර සියවසකට ආසන්න කාලයක් පුරා පොල්පිටිය, හල්ගොල්ල, ලේදිගම්මන, මාලිගාතැන්න ආදී ගම්මාන වල දරුදැරියන් රැසකට සිප් සතර ලබා දෙන මෙම විදුහල ප්‍රදේශයට මිණි පහනක් බඳුය.

1948 වර්ෂයේදී ඒ.පී.පීටර් මුල් ගුරුතුමා හා වයි.එම්.විමලරත්න, එච්.පී.පඥාරත්න, එම්.ඩී.නැස්ලින් යන උප ගුරුවරු යටතේ මෙම විදුහල ආරම්භ කර ඇති අතර ආරම්භයේදී දරුදැරියන් විසිඅට දෙනෙකු සිප්සතර හදාරා ඇත. පසුකාලයේදී මෙම පාසල පොල්පිටිය ආණ්ඩුවේ මිශ්‍ර පාසල ලෙස හැඳින්විණි. ආරම්භක කාලයේදී පොල් අතු මඩුවක පාසල පවත්වා ගෙන ගොස් තිබේ. එම්.ඒ.ඩී.පවුලිස් අප්පු හා ඊ.ආර්.හේරත් බණ්ඩා, කේ.ඒ.කුමාරදාස වැනි මුල් ගුරුවරුන් යටතේ විද්‍යාලයේ වැඩ කටයුතු සිදුකර ඇති අතර 1965 වර්ෂයේදී දැනට ඇති ප්‍රධාන ශාලාව ඉදි කර ඇති අතර එහි 8වන ශ්‍රේණිය දක්වා පංතිය පවත්වා ගෙන යාමට කටයුතු කර තිබේ.

1990 වර්ෂයේ මාර්තු මස 12වන දින ජී.ආර්.පත්මසිරි මහතා පාසලේ විදුහල්පති ලෙස වැඩ භාර ගැනීමත් සමග පාසලේ සීඝ්‍ර දියුණුවක් සිදුව ඇත.මෙතුමා විදුහල්පති තනතුරේ රාජකාරිය හොබවන සමයේ ප්‍රාථමික පංති පවත්වන ශාලාව හා පුස්තකාලය පාසල තුළ ඉදිකර ඇත. 2006,2007 හා 2011 යන වසර වලදී ජාතික ඵලදායීතා සම්මානය පවා පාසලට හිමි කර ගැනීම ඒ යටතේ හැකි වී තිබේ.


වර්තමානය වන විට සුවිශේෂී දස්කම් දක්වන දරු දැරියන් රාශියක් අප පාසලෙහි ඉගෙනුම ලබන අතර අනාගතයේ දී විද්‍යාලයීය නාමය ලක්මව තුළ කිරුලු පැළඳවීම අපගේ එකම අභිලාෂය යි.

දැක්ම


"ගුණ නැණ බෙලෙන් යුතු දරු පරපුරක්"



මෙහෙවර


"නිල්වන් ගිරිශිඛර මත සුවදායි සිසිලසක පහස විඳින මනරම් පරිසරයක් තුළ සදාචාරාත්මක හා ආධ්‍යාත්මික සහ සංස්කෘතික සමාජ රටාවක ධනාත්මක සිතුවිලිවලින් පිරිපුන් ගුණදම්වලට හුරු වූ හා නිපුණතාවලින් පෝෂිත කාර්‍යක්ෂම ඵලදායි දිවියකට පියවර තැබිය හැකි විශ්වාසනීය ආත්ම ශක්තියෙන් හෙබි දරු පරපුරක් දායාද කිරීම අපගේ සැබෑ මෙහෙවර යි"



පාසල් ගීතය

"සිරිකත කැඳවා සිරිකෙත සරුවන නම කොට පතුරා සිහල දැයේ වී නෙක රසඳුන දැය රට පුබුදන පොල්පිටියේ අප විදුහල් අම්මේ සිරස නමා දොහොත් නගා බැතිමල් පුදමු සදා......// නැළවී උකුලත උරමින් සිප්සත......// ජයමග හෙළිකොට අනාගතේ ඔබෙ නම සුරකිමු විදුකෙත හෙළිකොට කැපකොට පණ නළ......// ඔබෙ නම සුරකිමු විදුහල් අම්මේ සිරස නමා දොහොත් නගා බැතිමල් පුදමු සදා......//"
Join Our Newsletter