දැක්ම : "ගුණ නැණ බෙලෙන් යුතු දරු පරපුරක්" මෙහෙවර : "නිල්වන් ගිරිශිඛර මත සුවදායි සිසිලසක පහස විඳින මනරම් පරිසරයක් තුළ සදාචාරාත්මක හා ආධ්‍යාත්මික සහ සංස්කෘතික සමාජ රටාවක ධනාත්මක සිතුවිලිවලින් පිරිපුන් ගුණදම්වලට හුරු වූ හා නිපුණතාවලින් පෝෂිත කාර්‍යක්ෂම ඵලදායි දිවියකට පියවර තැබිය හැකි විශ්වාසනීය ආත්ම ශක්තියෙන් හෙබි දරු පරපුරක් දායාද කිරීම අපගේ සැබෑ මෙහෙවර යි"

polpitiyakv@gmail.com

Welihelathenna, Yatiyantota

මේ ඔබේ දරුවාගේ පාසලයි.

Thursday, 8 August 2024

කෑ/දෙහි/පොල්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය 2024

කෑ/දෙහි/පොල්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය 2024/08/05 දින අති උත්කර්ෂවත්ව විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි.

මෙහිදී කථානායක ධූරය සඳහා නෙතූප ලක්ෂාන් සිසුවා තේරී පත් වූ අතර නියෝජ්‍ය කථානායක ධූරය සඳහා විනෝත් නෙත්වින්ද සිසුවාත් අග්‍රාමාත්‍යවරයා ලෙස කවීෂ නවෝද්‍ය ත් සභානායක ලෙස මෙත්සර ජයලත් සිසුවා ත් නියෝජ්‍ය කාරක සභාපති ලෙස දිල්ෂාන් ධර්මසිරි පත්විය.


අමාත්‍යාංශ දහය සඳහා දිල්ෂි සෙහාරා,කවීෂා රුවන්සිරි,දිසාදි ජයරත්න,නවෝද්‍යා මධුභාෂිණී,කවිත්මා දිසානායක ,විශ්මි නිහාරා,මල්ෂි කසුනිකා,සසිනි කාව්‍යා,ඉමාෂ ෂාවින්ද,නෙත්මි නිමාෂා යන අමාත්‍යවරුන් හා වරියන් ලෙස දිවුරුම් දෙන ලදී.නියෝජ්‍ය අමාත්‍යවරුන් හා වරියන් ලෙස අබිත්‍රා කුමාරි ,ලක්මාලිනී ලක්ෂි,තරූෂ මධුසංඛ ,ප්‍රදීප ඩිල්ෂාන්,සසින්ද දෙනුවන්,ශිහාන් කෞෂල්‍ය,තිමිර දුලාංජන,සිතුම් ඉඳුවර ,මානෙත් සඳරුවන්,අචින්ත ශාවින්ද දිවුරුම් දෙන ලදී.


ශිෂ්‍ය පාර්ලිමේන්තුව පිහිටුවීම සඳහා කැපවී ක්‍රියා කළ විදුහල්පතිතුමිය ඇතුළු ගුරු මණ්ඩලයට හා තේ පැන් සංග්‍රහය සඳහා දායකත්වය ලබාදුන් දෙමාපියන් සියලුදෙනාටත් ගෞරවණීය ස්තූතිය මෙසේ පළකර සිටිමු.






































































All rights reserved. Unauthorized use or reproduction of this content is strictly prohibited.

PC: Sampath Tharanga

No comments:
Write comments
Join Our Newsletter