දැක්ම : "ගුණ නැණ බෙලෙන් යුතු දරු පරපුරක්" මෙහෙවර : "නිල්වන් ගිරිශිඛර මත සුවදායි සිසිලසක පහස විඳින මනරම් පරිසරයක් තුළ සදාචාරාත්මක හා ආධ්‍යාත්මික සහ සංස්කෘතික සමාජ රටාවක ධනාත්මක සිතුවිලිවලින් පිරිපුන් ගුණදම්වලට හුරු වූ හා නිපුණතාවලින් පෝෂිත කාර්‍යක්ෂම ඵලදායි දිවියකට පියවර තැබිය හැකි විශ්වාසනීය ආත්ම ශක්තියෙන් හෙබි දරු පරපුරක් දායාද කිරීම අපගේ සැබෑ මෙහෙවර යි"

polpitiyakv@gmail.com

Welihelathenna, Yatiyantota

මේ ඔබේ දරුවාගේ පාසලයි.

Friday, 12 July 2024

ශිෂ්‍ය නායක පදක්කම් පැළඳවීමේ උත්සවය හා ගුරු උපහාර උළෙල 2024

කැ/දෙහි /පොල්පිටිය කණිෂ්ඨ විද්‍යාලයේ ශිෂ්‍ය නායක පදක්කම් පැළඳවීමේ උත්සවය හා ගුරු උපහාර උළෙල 2024 අති උත්කර්ෂවත් අයුරින් 2024/07/12 දින විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි.


මේ සඳහා ආරාධිත දේශනය සිදු කළ කිතුල්ගල අධ්‍යාපන කොට්ඨාසයේ බුද්ධ ධර්මය ගුරු උපදේශක සේනාධීර මැතිතුමාට ත් ගුරු උපහාර ලැබූ දමයන්ති ගුරු මහත්මියටත් රේණුකා ගුරු මහත්මියටත් උත්සවය සාර්ථක කර ගැනීමට මඟ පෙන් වූ විදුහල්පතිතුමිය ඇතුළු ගුරු මණ්ඩලයේ සියලුදෙනාටත් සහයෝගය ලබාදුන් දෙමාපියන් සියලුදෙනාටත් නන් අයුරින් උපකාර කළ සියලු දෙනාටත් විද්‍යාලයේ ගෞරවණීය ස්තූතිය මෙසේ පළකර සිටිමු.


එම අවස්ථාන්හි සොදුරු සටහන්...❤️️❤️️❤️️

































































All rights reserved. Unauthorized use or reproduction of this content is strictly prohibited.

PC: Sampath Tharanga

No comments:
Write comments
Join Our Newsletter