දැක්ම : "ගුණ නැණ බෙලෙන් යුතු දරු පරපුරක්" මෙහෙවර : "නිල්වන් ගිරිශිඛර මත සුවදායි සිසිලසක පහස විඳින මනරම් පරිසරයක් තුළ සදාචාරාත්මක හා ආධ්‍යාත්මික සහ සංස්කෘතික සමාජ රටාවක ධනාත්මක සිතුවිලිවලින් පිරිපුන් ගුණදම්වලට හුරු වූ හා නිපුණතාවලින් පෝෂිත කාර්‍යක්ෂම ඵලදායි දිවියකට පියවර තැබිය හැකි විශ්වාසනීය ආත්ම ශක්තියෙන් හෙබි දරු පරපුරක් දායාද කිරීම අපගේ සැබෑ මෙහෙවර යි"

polpitiyakv@gmail.com

Welihelathenna, Yatiyantota

මේ ඔබේ දරුවාගේ පාසලයි.

Friday, 21 June 2024

ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කළ "පොසොන් මහා කඩල දන්සල"

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනය අනුස්මරණය කරමින් පොල්පිටිය කණිෂ්ඨ විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමය සංවිධානය කළ"පොසොන්

මහා කඩල දන්සල" 2024/06/20 දින උදෑසන 10.30 සිට පොල්පිටිය කණිෂ්ඨ විද්‍යාලයේ පිවිසුම අසළ දී සාර්ථකව පැවැත්විණි.


මෙම දන්සල සාර්ථක කර ගැනීමට සහයෝගය ලබාදුන්,


✅ ගරු විදුහල්පතිතුමිය ඇතුළු ගුරු මණ්ඩලයටත් ආදි ශිෂ්‍ය සියලු දෙනාටත් ආහාර ද්‍රව්‍ය ලබා දුන් සියලු දෙනාටත්


✅ ආහාර පිළියෙල කිරීමට උදව් උපකාර කළ සියලු දෙනාටත්


✅ ආහාර පිසීමට ගෑස් ලිප් ලබාදුන් සියලු දෙනාටත්


✅ මඩුව ලබා දුන් අවමංගලාධාර සමිතියටත්


නන් අයුරින් උපකාර කළ සියලු දෙනාටත් අපගේ ගෞරවණීය පුණ්‍යානුමෝදනාව මෙසේ පළ කර සිටිමු.

No comments:
Write comments
Join Our Newsletter